අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද පෞඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක් වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු හෙලිදරව් කිරීමත්, මෙම අඩවියේ පරමාර්ථය සේ හුවා දක්‌වමි.
සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී "හූ" යන හඬ ජනිතවීම නිසා "හූව" නොහොත් "ඌව" යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක් ද යන්න සඳහනක් නොමැත.
දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.
"කිඳ" යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස් ස්‌ථානයක පිහිටි කොටස "උඩුකිඳ" ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස "යටිකිඳ" ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.
පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර "උඩුකිඳ" කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර "යටිකිඳ" කොටසත් අයත් වේ.
Copy Right @ http://www.edumin.up.gov.lk
No comments:
Post a Comment