Tuesday, July 14, 2015
බිංතැන්න.....
බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා
වූ පෙදෙසකි. යක්ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ
ලක්දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්ථාවේ බිංතැන්නේ සිටි
යක්ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්දිව)
දැක්වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන්
වහන්සේ කේෂධාතු මිටක් පිරිනමා ඇති බවත් එම කේෂධාතු
නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ.
ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට
විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ
අවස්ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක් පාවී ඇවිත්
එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති
අතර අදටත් “රිදීකොටලිය” නම් ඇළක් තිබෙන බව කියෑවේ.
සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල,
පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි
පවුල් ගණනාවක්ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා
ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්
වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ
ආර්ථිකය සැකසෙන සංධිස්ථානය වුවත්, අද වන විට එම වැදි
පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට
කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්වයං රැකියා සඳහා ද
වැදි ජනතාවගේ නැඹුරුවක් ඇති වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment