කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ
තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ
පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක් වනුයේ එය
ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය
ඇල්ලක් නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි
ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක් නිසා වෙල්ලස්‌ස
යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත්
ප්‍රදේශයකි.
No comments:
Post a Comment