ලී
වහලයක් සහිත ශ්රී ලංකාවේ එකම පාලම වන මෙය නුවර යුගයේ ඉදිකරන ලද්දක් යැයි
සැලකේ. වලගම්බා රජ සමයේදී ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතු සිතුවම් වලින්
අලංකාර බෝගොඩ රජ මහා විහාරයට යබදව පිහිටා ඇත. ගල්ලන්ද ඔය හරහා දමන ලද
විශාල ලී කඳන් තුනක් බාවිතා කරමින් පාලම නිර්මාණය කර ඇත. කිසිදු යකඩ ඇණයක්
භාවිතා නොකර ඉදිකිරීම මෙහි ඇති විශේෂත්වයකි. කොළඹ-බදුල්ල මාර්ගයේ හාලිඇල
මංසන්ධියෙන් හැරී ගලඋඩ මාර්ගයේ ගමන් කර ජගුල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර්
3 ක් ගිය විට මෙම නිර්මාණය දැක බලා ගත හැකිය.
No comments:
Post a Comment