සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප
ගැනෙද්දී “හූ” යන හඬ ජනිතවීම නිසා “හූව” නොහොත් “ඌව” යන නම මෙම
ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා
කෙලෙස භාවිතයට ගැනුනක් ද යන්න සඳහනක් නොමැත.
දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ
(ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi)
වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක
කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.
“කිඳ” යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස් ස්‌ථානයක
පිහිටි කොටස “උඩුකිඳ” ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස
“යටිකිඳ” ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.
පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය
වැනි කඳුකරව පිහිටි නගර “උඩුකිඳ” කොට්‌ඨාසයටත්, බදුල්ල,
පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල,
ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි
පිහිටි නගර “යටිකිඳ” කොටසත් අයත් වේ.
ලෝකාන්තය(- “ඔහිය” නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්
විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි.
ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක් පාසාම “ආගමික
භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර
පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස් ක්‍රීඩකයන්ට
පාරාදීසයක් බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම
වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි
“දියතලාව” නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි
හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය
දිවුරුම්ගත් තැන “දිව්රුම්වෙල” විහාරස්‌ථානය පිහිටි
දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ
සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය
හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට
එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක් හිමි වේ.
අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත “දුන්හිඳ” දිය ඇල්ලත්
“මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ – බදුල්ල
දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක් යටින් සකස් වූ දුම්රිය
මාර්ගයක් පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ “දෝවේ”
රජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්,
“සෙන්ට් ඡේමිස් නැග්මත්” පිහිටි “හාලිඇල” නගරයත්,
නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට
අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල,
පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.
No comments:
Post a Comment