ඌව පළාත් කොඩිය
සිංහල රජ සමයෙහි ලංකාව
ප්‍රදේශ දොළසකට බෙදා පාලනය කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ වලට කොඩි දොළසක් ද නම්
කර තිබී ඇත. ඒ අනුව ප්‍රියංකර බව, අහිංසක බව, ශ්‍රේෂ්ඨත්වය, රාජකීය බව ආදී
ගුණයන් මතු කිරීමට හංස රෑපයකින් යුත් කොඩියක් ඌව ප්‍රදේශය සඳහා නම් කර ඇත.
ක්‍රී.ව. 1798-1815 කාලයෙහි
උඩරට රාජධානියෙහි රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඌව ප්‍රදේශයට
පරිත්‍යාග කරන ලද කොඩිය අදත් ජාතික කෞතුකාගාරයෙහි දක්නට ඇත. (පණ්ඩිත
නාවුල්ලේ ධම්මානන්ද හිමියන්ගේ ඌව ඉතිහාසය ග්‍රන්ථය ඇසුරෙනි )
|
ඌව පළාත් පුෂ්පය
ගුරැළුරාජ - Foxtail orchid |
ඌව පළාත් පුෂ්පය ලෙස නම් කර
ඇති ගුරැළුරාජ උද්භිත විද්‍යාත්මකව Rhynchostylis retusa ලෙස හඳුන්වන අතර
Orchidaceae කුලයට හා Rhynchostylis ඝනයට අයත් වේ. මෙම ශාකය ඉංග්‍රීසි
භාෂාවෙන් ‘Foxtail orchid’ හා ‘Batticaloa Orchid’ යන නම් වලින් හඳුනු
ලැබේ.
මෙය වන සත්ව වෘක්ෂලතා ආඥා
පනත යටතේ ආරක්ෂිත පැලෑටි විශේෂයක් ලෙස නම් කර ඇති Rhynchostylis ඝනයට
අයත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි එකම දුර්ලබ උඩවැඩියා ශාකයකි.
|
No comments:
Post a Comment