Tuesday, July 14, 2015
අැටම්පිටිය.....
පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන්
ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්ඩාර දිවිගෙවද්දී මොහු
ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්ඩාරගේ
හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු
හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්ඩාරට සටන්
පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු
තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා
සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ
සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්ඩාර
අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම
ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම
ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment